එන්නත් පෝලිම් නවත්තන්න ‘ඊ’ චැනලින් ක්‍රමවේදයක්!

කොවිඩ් දෙවැනි මාත්‍රාව ලබාදීමේදී ජනතාවට වඩා පහසුවක් ඇතිවන ආකාරයට ‘ඊ’ චැනලින් ක්‍රමවේදයක් අනුගමනය කිරීමට කොවිඩ් කමිටුව සැලසුමක් සකස් කර තිබේ.

මේ අනුව පෞද්ගලික හා රජයේ දුරකථන සමාගම් සමග ඊ චැනලින් ක්‍රමය යටතේ කාලය වෙන්කිරීම සම්බන්ධව සාකච්ඡා කරමින් යන බව ඉහළ පෙළේ ආරංචිමාර්ග සඳහන් කළේය. එන්නත් ලබාදීමේදී දිගු පෝලිම් මෙන්ම නොයෙකුත් අක්‍රමිකතා සිදුවූ බවට ජනතාව චෝදනා කළ අතර ඇතැම් ප්‍රදේශවල නොසන්සුන්තාද ඇතිවිය.

ඊ චැනලින් ක්‍රමය ග්‍රාමීය ජනතාවට ක්‍රියාත්මක කිරීමට අපහසු වුවහොත් ඒ වෙනුවෙන් ක්‍රමවේද සකස් කරමින් යන බවද එම ආරංචිමාර්ග සනාථ කළේය.

ඉකුත් 19දා වන විට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රා 925,242ක් සහ දෙවැනි මාත්‍රාවන් 304,961ක් ලබාදී තිබිණි. සයිනොෆාම් එන්නත් පළමු මාත්‍රාව 474,685ක්ද දෙවැනි මාත්‍රාවේ එන්නත් 2435ක්ද ලබාදී තිබිණි. ස්පුට්නික් එන්නත් පළමු මාත්‍රාව 14,934කට ලබාදී තිබිණි. ඒ අනුව ලක්ෂ 14කට වැඩි පිරිසකට එන්නත් ලබාදී ඇති අතර පළමු මාත්‍රාව පමණක් ලබාදී ඇති පිරිස ලක්ෂ දහයකට ආසන්නය.

 613 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply