සහන මල්ල බෙදමින් සිටි ග්‍රාම නිලධාරිවරයෙකුට ප්‍රහාරයක්!

දඹුල්ල වල්ගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ග්‍රාම නිලධාරිවරයා රජයෙන් ලබාදෙන සහන මල්ල බෙදා දෙමින් සිටියදී එම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලීසිය විමර්ශ කටයුතු ආරම්භ කර තිබේ.

මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති පිරිස අද (22) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 317 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply