නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනා ඇවන්ට්ගාඩ් නඩුවෙන් නිදොස් කොට නිදහස්

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන ගියැයි චෝදනා ලැබ සිටි ඇවන්ඩ් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන්නැයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ අද (21) නියෝග කළේය.

ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම නඩු විභාගය පැවැත්වුණි.

2012 වසරේ ගාලු වරායට ආසන්න බේරුවල මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ජීව උණ්ඩ 203,395 ක් සන්තකයේ තබාගැනීම හා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 19 ඉදිරිපත්කර තිබුණි.

 720 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply