තෙවැනි රැල්ලට සූදානම් වෙන්න – විද්වත් මණ්ඩලයකින් අනාවැකි

ඉන්දියාවේ කොවිඩ් දෙවැනි රැල්ල ලබන ජුලි මාසය වනවිට බොහෝ දුරට සමනය වනු ඇති බවට එරට විද්වත් මණ්ඩලයක් අනාවැකි පළ කර තිබේ. විද්‍යාඥයන් තිදෙනෙකුගෙන් සමන්විත මෙම මණ්ඩලය පත් කරනු ලැබ ඇත්තේ විද්‍යා සහ තාක්‍ෂණ දෙපාර්තමේන්තුව මගිනි. මේ අතර මෙම විද්‍යාඥයන් පවසා ඇති තවත් කාරණයක් වන්නේ දෙවැනි රැල්ල සමනය වී මාස 6ත් 8ත් අතර කාලය තුළ නැවතත් තුන්වැනි රැල්ලක්ද මතු වීමේ ඉඩක් ඇති බවයි. ඔවුන් මෙම අනාවැකි පළ කර ඇත්තේ Susceptible, Undetected, Tested (positive) and Removed Approach යනුවෙන් හැඳින්වෙන මොඩලයක් භාවිත කරමිනි.

ඔවුන්ගේ ප්‍රක්‍ෂේපනයන්ට අනුව මැයි මස අවසානය වනවිට දිනකට වාර්තා වන ආසාදිතයන් ගණන ලක්‍ෂ 1.5ක් දක්වා අඩු වනු ඇත. ජුනි අවසන් භාගය වනවිට එය දිනකට ආසාදිතයන් 20,000ක් දක්වා තවදුරටත් අඩු වනු ඇතැයි ඔවුන් සඳහන් කර තිබේ. මේ වනවිටත් ඉන්දියාවේ ප්‍රාන්ත රැසක් වසංගතයේ උපරිම අවස්ථාව පසු කර ඇති බවද ඔවුහු පෙන්වා දෙති. මහාරාෂ්ට්‍ර, උත්තර් ප්‍රදේශ්, කර්ණාටක, මධ්‍ය ප්‍රදේශ්, ජාර්ඛන්ද්, රාජස්ථාන, කේරළ, සිකිම්, උත්තර්ඛන්ද්, ගුජරාත්, හර්යානා වැනි ප්‍රාන්තවල මේ වනවිට වසංගතය කෙමෙන් සමනය වෙමින් පවතින බව සඳහන් වේ. තමිල්නාඩුව තුළ මැයි මාසයෙන් පසු ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් දැකිය හැකි වනු ඇති බවටත් විද්වත් මණ්ඩලය අනාවැකි පළ කරයි.

තුන්වැනි රැල්ල පිළිබඳ ඔවුන්ගේ ප්‍රක්‍ෂේපනයන්ට අනුව එය දෙවැනි රැල්ල තරම් දරුණු එකක් නොවනු ඇත. එය රට පුරා ව්‍යාප්ත වන රැල්ලක් නොවනු ඇති බවටද ඔවුහු අනාවැකි පළ කරති. එමෙන්ම ඒ වනවිට ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් එන්නත්කරණයට ලක්ව සිටිනු ඇති නිසාද වසංගතය පාලනය වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

 1,037 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply