කොවිඩ් ආසාදනය වූ 1165ක් සුවය ලබා රෝහල්වලින් පිටව යයි

කොවිඩ් ආසාදනය වූ ආසාදිතයින් 1165දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 123,532දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි.

මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 151,343ක් වන අතර, ඉන් ආසාදිතයින් 26760දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1051කි.

 434 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply