පොලිසියෙන් මහජනතාවට විශේෂ දැනුම්දීම් දෙකක් !

අද දිනයේ විශේෂ මෙහෙයුම් දෙකක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ බස්නාහිර පළාත තුළ සහ සෙසු ප්‍රදේශවල ජනතාව නිරෝධායන නීති වලට අනුගතව කටයුතු කරන්නේ දැයි සොයා බැලීමට මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව එක් මෙහෙයුමක් පොදු ප්‍රවාහන සේවා නිරෝධායන නීතිවලට අනුගතව කටයුතු කරන්නේදැයි සොයා බැලීම සදහා ක්‍රියාත්මකයි.

අනෙක් මෙහෙයුම සුපිරි වෙළෙද සල්, වෙළෙදසැල් ,රෙදිපිලි වෙළෙද සැල් සහ හෝටල් ආශ්‍රිතව සිදුකිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

 941 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply