පෝර්ට් සිටි පනතේ ඡන්දය අද!

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතයි.

කෙටුම්පත සම්බන්ධයෙන් වන විවාදය දෙවන දිනටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තු විශේෂ බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා. තවත් වගන්ති සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් පැවැත්වීම සිදුකළ යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය සදහන් කළේ.

කෙසේ වෙතත් රජය එම වගන්ති සංශෝධනය කර සරළ බහුතරයකින් පාර්ලිමේන්තු තුළ සම්මත කර ගැනීමට පියවර ගෙන තිබෙනවා. පෝට් සිටි පනතට විරුද්ධව සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව ඉදිරිපිට අද නිහඩ විරෝධතාවක නිරත වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. කොවිඩ් නයින්ටීන් සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන්පොලීසිය දැනුවත් කිරීමට යාමේදී පොලීසිය සහ සමගි ජන බලවේගයේ නියෝජිතයින් අතර බහින්බස්වීමක් ද සිදුවූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

පනතට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ විරෝධතාවක් බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිටදී ඊයේ පැවැත්වුණා. නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් එහි සංවිධායකයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ. වැලිකඩ පොලීසිය ඒ පිළිබද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර තිබෙනවා.

 347 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply