අහසෙන් ගිහින් වැලි ජාවාරම වටලයි 56 දෙනෙක් සහ වාහන අත්අඩංගුවට! [VIDEO]

පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ගුවන් හමුදාව එක්ව එම්.අයි. 17 හෙළිකොප්ටර් යනා යොදා ගනිමින් සිදු කළ විශේෂ මෙහෙයුමකින් කින්නියා පොලිස් වසමට අයත් කන්දල්කාඩු මනල්ආරු වන රක්‍ෂිතයේ වනය විනාශ කරමින් කාලයක සිට පවත්වාගෙන ගිය මහා පරිමාණ වැලි ජාවාරමක් වටලා වැලි ජාවාරමට සම්බන්ධව සිටි සැකකරුවන් 56දෙනකු සමග ට‍්‍රැක්ටර් 13 ක්, ට‍්‍රක් රථ 08ක්, බෝට්ටු 34ක් සහ යතුරුපැදි 37ක් අත්අඩංගුවට ගෙන ඇත.

ඉතිහාසයේ පළමු වතාවට විශේෂ කාර්ය බළකායේ කුඩා කණ්ඩායමක් හා පැරෂුට් නිලධාරීන් ගුවන් හමුදාවේ සහායෙන්් ගුවනින් එම ප‍්‍රදේශයට ගොස් පැරෂුට් සහ කඹ යොදාගෙන ගුවනේ සිට පනිමින් මෙම මෙහෙයුම සිදු කර ඇත. ඒ සදහා ගුවන් හමුදාවේ විශේෂඥ පැරෂුට් නිලධාරීන් ද සහභාගි වී තිබේ. හෙළිකොප්ටර් යානා මගින් සිදු කරන ලද දින ගණනාවක නිරීක්‍ෂණවලින් පසුව ගුවන් හමුදාව සහ විශේෂ කාර්ය බළකාය මෙම මෙහෙයුම කර ඇත.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ රථවාහන වැඩිදුර විමර්ශන සඳහා කින්නියා පොලිසියට භාර දී තිබේ.

පරිසර විනාශයන් වැළැක්වීම සදහා මහජන ආරක්‍ෂාව පිළිබද ඇමැති සරත් වීරසේකර මහතාගේ සහ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නගේ උපදෙස් මත පොලිස්පති චන්දන වික‍්‍රමරත්න සහ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ වව්නියාව කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්‍ෂ්මන් අබේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් ගුවන් හමුදාවේ සහාය ඇතිව මෙම මෙහෙයුම කර ඇත.

 775 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply