ජාතික රණවිරු දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් අභිමානයෙන් සැමරේ!

12 වන ජාතික රණවිරු සැමරුම් උළෙළ අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී මහත් අභිමානයෙන් සමරනු ලැබුවා. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එය පැවැත්වුණේ අඩු පිරිසකගේ සහභාගිත්වයෙන්.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනඥයින්, ආරක්‍ෂක අංශ ප්‍රධානීන්, රණවිරු මව්පියන් සහ බිරින්දෑවරුන් ඇතුළු ඥාතීන් පිරිසක් එම උත්සවයට එක්ව සිටියා.

රට වෙනුවෙන් දිවිදුන් සමස්ත රණවිරුවන්ට ගෞරවය පුද කරමින් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රැස්ව සිටි පිරිස රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනේ සිට රණවිරු ස්මාරකයට මල් ඉසිමින් උපහාර පුද කිරීමද විශේෂත්වයක්.

 353 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply