රෝගීන් මිලියනයක් ගැන ප්‍රකාශය උපකල්පනයක් පමණයි! – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දැන් කියන කතාව

දින සියයක් ඇතුළත කොවිඩ් රෝගීන් මිලියනයක් දක්වා වැඩි විය හැකි බව ප්‍රකාශ කළේ උපකල්පනයක් මත බවත් එහි අරමුණු රෝගයේ ඇති භයානකකම පැහැදිලි කර දීම පමණක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවැසීය.

දින සියයකදී කොවිඩ් රෝගීන් මිලියනයක් වාර්තා විය හැකි බවට මාධ්‍යවල ප්‍රචාරය වූ ප්‍රකාශය සම්බන්ධයෙන් අරුණ කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳව පැහැදිලි කරමින් කියා සිටියේ යම් අවස්ථාවක හැම රෝගයකුම දින පහක් ඇතුළත රෝගය බෝ කළහොත් ගණිතානුකූලව විසිවතාවක් පමණ දෙගුණ වන විට රෝගීන් මිලියනයක් පමණ වන බවට සෛද්ධාන්තිකව ගණනය කළ හැකි බවය.

එසේ වුවද අපේ රටේ ජනගහනයත් සමග බැලීමේදී එලෙස ව්‍යාප්ත වීමේ හැකියාවක් නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 555 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply