චීනයෙන් තවත් Sinopharm එන්නත් තොගයක් මෙරටට!

චීනයේ නිෂ්පාදිත Sinopharm එන්නත් මාත්‍රා තවත් තොගයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට චීන රජය තීරණය කර ඇති බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය පවසන්නේ, මෙරට තවත් Sinopharm එන්නත් මාත්‍රා 500,000ක් මේ මස තුළ ලබා දීමට චීන රජය තීරණය කර ඇති බවය.

කොරෝනා තෙවන රැල්ල හා සටන් කිරීමට මෙම එන්නත් තොගය පරිත්‍යාග කරන බව චීන තානාපති කාර්යාලය සිය ටිව්ටර් පණිවිඩයේ සඳහන් කර ඇත.

මීට පෙර ද චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස මෙරට Sinopharm එන්නත් මාත්‍රා 600,000 ලැබුණු අතර මෙම මාත්‍රා 500,000 ද සමග මෙරටට චීනයෙන් ලැබුණු Sinopharm එන්නත් මාත්‍රා ගණන මිලියන 1.1 දක්වා ඉහළ යනු ඇත.

#China decided to donate another 500,000 doses of #Sinopharm #vaccine within this month to support #SriLankan people fighting current wave of #COVID19

Tally Aid????????????????????????raises to 1.1 million@MFA_China @cidcaofficial @GotabayaR @PresRajapaksa #VaccinationForAll #VaccinEquity pic.twitter.com/kFY4DONUlN— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) May 19, 2021

 740 total views,  5 views today

What’s your Reaction?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply