වැල්ලම්පිටියේ මහ මඟ දමා ගිය වයෝවෘද්ධ යුවළට කොවිඩ්

වැල්ලම්පිටිය හංදියේ කඩපිළක ගෙනැවිත් දමා තිබූ වයෝවෘද්ධ යුවළට කොවිඩ් ආසාදනය වී තිබෙන බව හෙළි වී ඇත.

මෙම වයෝවෘද්ධ යුවල සමාජ සේවා දෙපාර්තමේන්තුවට භාරදීම සඳහා ඔවුන්ගේ පී.සී.ආර් පරීක්‍ෂණයක් කළ යුතු බවට වැල්ලම්පිටිය පොලීසියෙන් කළ දැනුම්දීමක් මත ඔවුන් දෙදෙනාට පී.සී.ආර් පරීක්‍ෂණයක් සිදු කර ඇති අතර එහිදී ඔවුන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මෙම යුවල රාත්‍රී කාලයේදී මෙහි ගෙනැවිත් දමා ඇති බවත්, ඔවුන් කතා කරගැනීමට ද නොහැකි තරම් දුර්වල බවත් වැල්ලම්පිටිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සරත් මල්ලවආරච්චි මහතායා සඳහන් කරයි.

අවට ජනතාව විසින් මෙම වයෝවෘද්ධ යුවළට ආහාර පාන ලබා දී ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් සොයා බලා නිරෝධායනට යැවීමට සිදු වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

 402 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply