එන්නත්කරණය සාර්ථක කිරීමට මොබයිල් ඇප් එකක්!

සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එක් වී මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කිරීම සඳහා නව ජංගම දුරකථන මෙවලමක් එළිදක්වා තිබේ.

එම මෙවලම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව නිර්මාණය කර ඇති අතර එහි සම්බන්ධීකරණයට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා දායක වී ඇති බව වාර්තා වේ.

මෙම ජංගම දුරකථන මෙවලම ඔස්සේ එහි ග්‍රාහකයින්ට එන්නත් ලබාගැනීමට දිනයක්, වේලාවක් සහ මධ්‍යස්ථානයක් වෙන්කර ගැනීමේ අවස්ථාවද හිමිවේ.

ඒ ඔස්සේ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති “එන්නත්කරණ සහතිකයක්” හිමිකර ගැනීමට එම ජංගම දුරකථන මෙවලමේ ග්‍රාහකයින් ට අවස්ථාව ලැබේ.

 714 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0

Leave a Reply