ඉන්දියාවේ සිට මොස්කව් නුවරට ස්පුට්නික් ෆයිව් මාත‍්‍රා දෙකක් සමග දින 24 ක සංචාරයක්!

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් ෆයිව් එන්නත ලබා දීම අරමුණු කරගෙන, ඉන්දීය ජාතිකයන් රුසියාවට රැගෙන යන සංචාරක ව්‍යාපාරයක් මේ වන විට ආරම්භ වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සංචාරකයන්ට දින විසි හතරක කාලයක් රුසියාව තුළ රැුදී සිටීමට අවස්ථාව උදා වේ.
සංචාරකයන් රැගත් ගුවන්යානාව මොස්කව් නුවරට පැමිණි පසු – දෙවන දිනයේ දී ස්පුට්නික් ෆයිව් පළමු මාත‍්‍රාව ඔවුන්ට ලබා දෙන අතර – ඉන් පසුව තවත් දින 21 කට පසුව දෙවන මාත‍්‍රාව ලබා දෙයි.

මැයි පහළොස්වන දා තිස් දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම රුසියාව බලා පිටත්ව ගොස් ඇති අතර, මේ පිරිසට එක්ව ඇත්තේ වෛද්‍යවරු වීම විශේෂත්වයකි.

 1,072 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply