සිහරාජය හරහා වැටී ඇති ලංකාගම – නෙළුව මාර්ග සංවර්ධන වැඩකටයුතු පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය කෙරුණු අතර එයට ප්‍රතිචාර දක්වමින් පරිසරවේදීන් යයි කියාගන්නා සමහර කණ්ඩායම් සහ ඊනියා පරිසර ලෝලීන් දැඩි ලෙස කියා සිටියේ අදාළ මාර්ගය ඉදි කරනු ලබන්නේ සිංහරාජය අභ්‍යන්තරයේ ඇති හෝටලයක් වෙත ලඟා වීමට බවයි.

සජීව චාමිකර නමැති ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවට පවා නම ඇතුලත්ව තිබු පුද්ගලයකු කියා සිටියේ යෝෂිත රාජපක්ෂට අයත් හෝටලයක් වෙත ප්‍රවේශ වීමට මෙම මාර්ගය ඉදි කරන බවයි.

කෙසේ වෙතත් රටේම අවධානය මේ මාර්ගය වෙත එල්ල වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවා ඒ ප්‍රදේශයේ සංචාරයක නිරත වුයේ මෙහි ඇත්ත නැත්ත නොයා බැලීමටය. සිංහරාජයේ ඇති හෝටලය පිළිබඳවද බොහෝ දෙනා සොයා බැලූ අතර නෙළුව ලංකාගම මාර්ගය සහ සිංහරාජයේ ඇති සැඟවුණු හෝටලය පිළිබඳව සියලු කරුණු ජනතාව වෙත හෙළි කරමින් ගම් වැසියන් කල සත්‍ය සත්‍ය හෙළිදරව්ව පහත වීඩියෝවෙන් නරඹන්න…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here