අවුරුදු 15ට වැඩි ළමුන්ට කොරෝනා මර්දන එන්නත දෙන්න අවධානය!

වයස අවුරුදු 15 ට වැඩි පිරිසට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ලෝකය භාවිත කරන ප්‍රධාන පෙළේ එන්නත් අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී මෙරටට ලැබීමෙන් පසු එම වැඩපිළිවෙළ ආරම්භ වනු ඇති බවයි.

බස්නාහිර පළාතෙන් පසු මහනුවර, කුරුණෑගල හා රත්නපුර දිස්ත්‍රික්කවල කොරෝනා මර්දන එන්නත් ලබාදීමට අපේක්ෂිත බවත් එන්නත් ලැබෙන පරිදි සෙසු දිස්ත්‍රික්කවලට ද එන්නත් ලබාදෙන බවත් ඊයේ ප්‍රකාශ කෙරුණා. 

 740 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply