කොරෝනා ආසාදිතයන්ගේ අඩුවක් ජූනි මුල් සතිය වනවිට

කොවිඩ් ආසාදිතයන්ගේ තරමක අඩුවක් ලබන ජුනි මුල් සතිය පමණ වන විට අපේක්ෂා කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

ඒ සඳහා මහජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීම ඉතා වැදගත් වන බව ද ඔහු සදහන් කරයි.

සංචරණ නීති පනවා තිබියදී අතුරු මාර්ග භාවිතා කරමින් ජනතාව එක්රැස් වන බවට තොරතුරු වාර්තා වන බව ද හෙතෙම කියයි.

කොවීඩ් වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා රජය පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කරන්නැයි ජනතාව ගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

 1,843 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply