ඇඳිරි නීතිය ගැන පුවත අසත්‍යයි – එවැනි තීරණයක් ගෙන නෑ!

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් වෙබ් අඩවි විසින් සිදුකරන අද රාත්‍රී 11 සිට හෙට අලුයම 4 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කරයි යන මැයෙන් පළවන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියා.

එය සම්පූර්ණයෙන්ම සාවද්‍ය පුවතක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

 738 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply