හෙද නිලධාරීන් 70කට කොරෝනා – එන්නත් දීමත් බිස්නස් එකක් කරගෙනද සැකයි

හෙද නිලධාරීන් 70 කට අධික පිරිසකට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි රාජ්‍ය සේවා එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පුවත්පතකට. මෙම අවදානම නොතකා අනෙකුත් හෙද නිලධාරීන් උපරිමයෙන් තම සේවාව ලබාදීම අගය කළ යුතු බවද උන්වහ්නසේ කියා සිටියහ.

මෙහිදී තවදුරටත් කතා කළ උන්වහන්සේ මෙසේද කීහ.

ශල්‍යාගාරවල, දැඩිසත්කාර ඒකකවල සේවය කර විශ‍්‍රාම ගිය සියලූ හෙද නිලධාරීන් දැන් සේවයට කැඳවිය යුතුයි. හෙදියක් පුහුණු කරන්න අවුරුදු තුනක් ගන්න ඕනෑ. පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය බලධාරීන් මේ ගැටලූව ගැන සොයා බලන්න ඕනෑ. දැනටමත් හෙද නිලධාරීන් 70 කට වැඩි පිරිසක් ආසාදිතයන් බවට පත්වෙලා.

අනිත් කාරණය කොළඹ එන්නත් කරණය. මම කොළඹ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමාගෙන් දෙවැනි එන්නත් මාත‍්‍රාව ලබා දෙන්නැයි ඉල්ලූවා. එතකොට ඔහු කිව්වා එන්නත් නැහැ කියලා. පසුව මං මේ ගැන හොයා බැලූවා. ඒ බලනකොට කොරෝනා එන්නත් මාත‍්‍රා 7328 ක් තිබෙන බව හෙළි වුණා. මං එවලේම මේ ගැන කොළඹ නාගරික කොමසාරිස්තුමියට කතා කරලා කිව්වා. මට දැනගන්න තියෙනවා හිතවත් අයට මේ එන්නත ලබා දෙනවා කියලා. එහෙම කරන්න හොඳ නැහැ. කොළඹ නගර සභා සීමාවේ ජනතාවට පුළුවන් තරමක් හරි ලබාදෙන්න කටයුතු කරන්න. මේ එන්නත ලබාදීමත් බිස්නස් එකක් කරගෙනද සැකයි. ඒ නිසා මේ කරන අසාධාරණ වැඬේ සොයා බලන්න කියලා නාගරික කොමසාරිස්තුමියගෙන් ඉල්ලා සිටිනවා.

අප මේ චෝදනා සම්බන්ධයෙන් ඊයේ කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුනි මහතාගෙන් විමසීමට උත්සාහ කළද ඒ මහතාගෙන් ප‍්‍රතිචාරයක් ලැබුණේ නැහැ.

 665 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply