ඇමෙරිකා කලාපයේ කොවිඩ් වැඩිවීමට හේතුව තාරුණ්‍යයයි!

ආසන්න කාලසීමාවේදී ඇමෙරිකානු කලාපය තුළ කොවිඩ්-19 වෛරසය වැඩිවීමට තරුණ තරුණියන් ප්‍රධාන හේතුවක් වී ඇති බවත්, එය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් හා සමාන බවත් පෑන් ඇමරිකානු සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසයි.

අතථ්‍ය මාධ්‍ය හමුවකට එක්වෙමින් කරිසා එටියන් පවසා සිටියේ, පසුගිය සති හය තුළ ඇමෙරිකානු කලාපය තුළ මරණ හා ආසාදිත සිද්ධීන් ප්‍රමාණය දෙගුණ වී ඇති බවයි.

එසේම නරක අතට හැරෙන වසංගතයක් පෙන්නුම් කරන දත්ත තිබියදීත්, ආර්ථිකයන් නැවත විවෘත කිරීම වේගවත් කළ රජයන්ට දොස් පැවරීමටද ඇය මෙය අවස්ථාවක් කරගත්තාය.

“මෙය හොඳ සලකුණක් නොවෙයි. වෛරසය දුරු කිරීම ප්‍රාර්ථනා කරමින් කළ දෙයක් නොවෙයි” වෛරසය පැතිරීම වැළැක්වීමේ පියවර ලිහිල් කිරීම සහ වෛරසය අඛණ්ඩව පැතිරීම අතර සැබෑ විසන්ධි වීමක් ලෙස ඇය මෙම තත්ත්වය විස්තර කළාය.

 635 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply