“දේශපාලන සිහින වෙනුවෙන් ෆොන්සේකා හමුදාව පාවාදුන්නා” අමාත්‍ය සරත් වීරසේකර හෙලිකල තිත්ත ඇත්ත! [VIDEO]

යුද්ධය නිම කිරීම සදහා ප්‍රධාන දායකත්වය ලබාදුන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා බොරු වීරයෙක් බව පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ෆොන්සේකා මහතා සිය දේශපාලන අරමුණු වෙනුවෙන් රට හා හමුදාව පාවාදෙන අකාරයේ ප්‍රකාශ සිදු කර ඇති බවත්  දෙමල ඩයස්පෝරාව සතුටු කරමින් මෙරට දෙමල ජනතාවගේ චන්ද ලබාගෙන ජනපති සිහිනයට යාමට ඔහු එසේ කල බවයි අමාත්‍යවරයා අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් වීරසේකර අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ තමන් පමණක් යුද්ධය කල බවට උදම් අනමින් සරත් ෆොන්සේකා කතා කලද යුද්ධය දිනවූ සෙන්පතියන් පස් දෙනා අතර තමාද සිටින බව දැනගත යුතු බවයි. අදාළ විවාදයේ වීඩියෝව පහතින්…

 697 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply