ඩොලර් මිලියන 9ක සංචාරක විදෙස් ආයෝජන මෙරටට ඇවිත්!

කොවිඩ් තත්ත්වය යටතේ වුවත් පසුගිය වසර එකහමාරක කාලය තුළ ඇමෙරිකන් ඩොලර් මිලියන නවයකට ආසන්න නව සංචාරක ආයෝජන අනුමැතිය සඳහා ඉදිරිපත් වී ඇතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි.

එම කාලය තුළ අනුමැතිය සඳහා නව සංචාරක ආයෝජන ව්‍යාපෘති 54ක් ඉදිරිපත් වී ඇති බවත් ඉන් ව්‍යාපෘති 29කට අනුමැතිය ලබාදී ඇති බවත් ඇමැතිවරයා තවදුරටත් පවසයි.

සංචාරක ආයෝජන සඳහා අනුමැතිය ලබා දීම කඩිනම් කිරීමට තීරණය කර ඇති අතර ඊට අදාළ රාජ්‍ය ආයතන 43ක් සමඟ අවබෝධතා ගිවිසුම්වලට අස්සන් කිරීමට කටයුතු යොදා ඇතැයි ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. දැනටමත් මේ සඳහා අනුමැතිය ලබාදෙන රාජ්‍ය ආයතන 10ක් සමඟ අදාළ ගිවිසුම් අස්සන් කර ඇති අතර සංචාරක ආයෝජන කඩිනම් කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ආයෝජන සබදතා ඒකකයක්ද ස්ථාපිත කර ඇත. මෙම ඒකකය ස්ථාපිත කර ඇත්තේ ආයෝජන අනුමත කරලීමේ ක්‍රියාවලියේ සංකීර්ණතාව, රේඛීය ආයතන සංඛ්‍යාව බහුල වීම සැලකිල්ලට ගනිමිනි. ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලිය පහසු කිරීම හා ඉක්මණ් කිරීම මෙම ඒකකයට පැවැරී තිබේ. ඒ අනුව ආයෝජන මණ්ඩලය, වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, ජාතික ගොඩනැඟිලි සංවර්ධන දෙපාර්තුමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවි දෙපාර්තුමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තුමේන්තුව හා වාරි මාර්ග දෙපාර්තුමේන්තුව අදාළ අවබෝධතා ගිවිසුම් අස්සන් කර තිබේ. සෙසු ආයතන සමඟද මෙම ගිවිසුම් අස්සන් කිරීමට කටයුතු යොදා ඇතැයි ඇමැතිවරයා සඳහන් කරයි.

කොවිඩ් තත්ත්වය යටතේ වුවද පසුගිය වසර එකහමාරක කාලය තුළ ඇමෙරිකන් ඩොලර් මිලියන 879.94ක නව සංචාරක ආයෝජන අනුමැතිය සඳහා ඉදිරිපත්ව ඇති ව්‍යාපෘති අතරින් අනුමැතිය හිමිවූ ව්‍යාපෘති 29යේ එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 188.4කි. කේබල් කාර් ව්‍යාපෘති, පාවෙන ආපනශාලා, දියයට කලාගාර වැනි සංචාරක ආයෝජන අනුමැතිය සඳහා ඉදිරිපත්ව තිබීම විශේෂත්වයකි. ඇමැතිවරයා පෙන්වා දෙන්නේ ගෝලීය අවශ්‍යතාවන්ට සරිලන පරිදි මෙරට සංචාරක ආයෝජන අවස්ථා පුළුල් වීම සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂ වර්ධනයක් ලෙස සැලකිය හැකි බවයි.

 539 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply