මන්ත්‍රී රිෂාඩ් ගේ දේපල වත්කම් සොයා CIDය විමර්ශන අරඹයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සතු සියලුම නිශ්චල සහ චංචල දේපළ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

2019 අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය එල්ලවීමට පෙර සහ පසු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සතුව තිබූ වත්කම් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම විමර්ශනය ආරම්භ කර තිබේ.

රිෂාඩ් බදියුදීන්ට අමතරව දැනට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින, ඔහුගේ සහෝදරයකු වන රියාජ් බදියුදීන් සතු වත්කම් පිළිබඳව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පාස්කු ප්‍රහාරය එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආධාර අනුබල දෙමින් ඔවුන් සමඟ සමීප සබඳතා පවත්වන ලදැයි චෝදනා යටතේ ඉකුත් අප්‍රේල් 24 වැනිදා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයකු වන රියාජ් බදියුදීන් මේ වන විට දින 90කට ලබාගත් රැඳවුම් නියෝග යටතේ තබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරනු ලබයි. පාස්කු ප්‍රහාරය එල්ල වූ කාල සීමාවේදී රිෂාඩ් බදියුදීන් යහපාලන රජයේ කැබිනට් ඇමැතිවරයෙක් ලෙස කටයුතු කළේය.

 277 total views,  45 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply