පොලිස් පොකුරක් – යාපනය පොලිසියේ නිලධාරීන් 38කට කොරෝනා

යාපනය පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් 38 දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි යාපනය පොලීසිය පවසයි.

පසුගිය අප්‍රේල් මාසයේ 12 වනදා සිට අද (04) දිනය දක්වා පොලිස් නිලධාරීන් 38 දෙනෙකුට වෛසරය ආසාදනය වී ඇති අතර පළමුව  නිලධාරීන් 09 දෙනෙකුට කොරෝණා ආසාදනය වී  ඇති බවට වාර්ථා වීමත් සමග යාපනය පොලිසියේ අදාල නිලධාරීන් සමීප ආශ්‍රිතයින් පී.සී.ආර්. පරික්ෂණයට යොමු කරන ලදි.

මේ අනුව වරින් වර ගබාගත් පී.සී.ආර්. පරික්ෂණ වාර්ථාවන්ට අනුව ආසාදිතයින් හඳුනාගෙන ප්‍රතිකාර සහ නිරෝධායනයට යොමු කොට ඇති බවටද යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂඛ කාර්යාලය පැවසීය.

යාපනය පොලීසියේ පවතින කොරෝණා අවධානම සැලකිල්ලට ගනිමින් මහජනතාව සමග සහ රාජකාරි කටයුතු වල නිරත වීමේදී දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසටද යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් උපදෙස් දී ඇත.

 771 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply