රාජ්‍ය සේවකයින්ගේ සේවා වේලාවන් කොටස් 2කට පවත්වාගෙන යන්නැයි ඉල්ලීමක්!

පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ දුම්රිය මගීන්ට පහසුකම් සලසාදීම සඳහා රාජ්‍ය සේවකයින්ගේ කාර්යාල වේලාවන් සංශෝධනය කරදෙන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව රජයෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඊට අදාළ ලිපිය අද (04) දිනයේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කිරීමට නියමිත බවද නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“සීසන් ටිකට්වලින් පමණක් දුම්රියෙන් ගමන් කරනවා 65,000කට ආසන්න ප්‍රමාණයක්. නමුත් අපිට ආසන ලබාදිය හැක්කේ 26,000 වගේ ප්‍රමාණයකටයි. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා රාජ්‍ය සේවකයින්ගේ සේවයට පැමිණීමේ වේලාව සහ සේවා අවසන් කිරීමේ වෙලාව කොටස් දෙකකට සිදුකරලා මේ කටයුතු පහසු කරලා දෙන්න කියලා.”

 466 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply