“හමුදාපති ශවේන්ද්‍රට සංවිධානාත්මක ප්‍රහාරයක්” – සමාජ ජාල මෙහෙයුම විපක්ෂ මඩ බලකායේ වැඩක්! [VIDEO]

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සිය සහෝදරියගේ දියණියගේ විවාහ උත්සවයට සහභාගී වූ බවට නිල ඇඳුමෙන් සැරසී සිටින චායරුපයක් පල කරමින් හා අදාළ විවාහ උත්සවය පැවැත්වීම සඳහා අවශ්‍ය වන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කල බවට අසත්‍ය පුවතක් සමාජ ජාල මාධ්‍ය හරහා ප්‍රචාරය වූ අතර එම පුවත කිසිදු සත්‍යතාවයක් නොමැති බවට මේ වනවිට හෙළිවී අවසානයි.

කෙසේ නමුත් මෙම පුවත පලවීම සිදුකල පුද්ගලයින් පිළිබඳව NoizeTV කණ්ඩායම කල සොයා බැලීමකදී අපට හෙලිවුයේ ඒ පසුපස සජබයට සහාය දක්වන සහ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවන්නට දර දිය ඇද්ද පිරිසක් මේ පසු පස සිටින බවයි ඒ අනුව මෙය වැරදීමක් හෝ නිකම්ම නිකන් ෆේස්බුක් ආතල් එකක් නොවන බව පැහැදිලිය. එය හුදෙක්ම ශවේන්ද්‍ර සිල්වා මහතාට රටේ ජනතාවගේ ඇති ආදරය සහ ගෞරවය විනාශ කිරීම සඳහා සිදු කල සැලසුම් සහගත කැම්පේන් එකක් බව කරුණු කාරණා සහිතව ඔප්පු වෙමින් ඇත.

සිය ෆේස්බුක් පිටුවේ හමුදාපතිවරයාට එල්ල කල චෝදනාව ගම්‍ය වන අකාරයේ සටහනක් දැමු භාරත ප්‍රභාෂන යනු කවුරුන්ද යන්න සහ ඔහු 2015-2019 කාල සීමාවේ සිටියේ කොතනද සහ කලේ මොනවාද යන්න දන්නෝ දනිති. පාස්කු ප්‍රහාරය සිදුවන බවට අනාවැකි පවා පළකරමින් එක එක ඒවා කී ඔහු අවසානයේ සජිත් ජනපති කරන්නට මාධ්‍ය මෙහෙයුම් දියත් කල අයෙකි. අසත්‍ය පුවත් පළකරමින් හා ඒ පුවත් සත්‍ය බවට පෙන්වීමට මෙවැනි කතා ගොතමින් චීත්ත වැඩ කරන මොවුන්ට අද යන එන මං නැතිව යලි සජිත්ලා ජනපති කරවන්නට සිහින දකිමින් බොරු බේගල් අතේරෝල් ගසමින් මිනිසුන් රවටමින් සිටී.

සජබය හා 3% ජවිපය රජයට චෝදනා කරමින් කොරෝනා පාලනය විවේචනය කරන අතර විෂය භාර අමාත්‍යවරුන් මෙන්ම නිලධාරීන් විවේචනය කරමින් රජය ගෙනයන කොරෝනා වැඩපිළිවෙල අසාර්ථක බවට මතයක් නිර්මාණය කිරීම සහ එමගින් සිය බංකොලොත් දේශපාලනය ගොඩනගා ගැනීමට උත්සාහ දැරුවද ජනතාව ඒවා විශ්වාස නොකරන්නේ කොරෝනා මර්ධන කාර්ය සාධන බලකායේ ප්‍රධානියා ලෙස ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයා අදාළ රාජකාරිය කාර්යක්ෂම සිදු කිරීම සහ ඔහු ඇතුළු පිරිසගේ සේවය හා කැපවීම ජනතාව විශ්වාස කරන නිසාය. විපක්ෂයේ බංකොලොත් දේශපාලකයින් මොනවා කීවද 30 වසරක යුද්ධය අවසන් කල සටනේ පුරෝගාමීන් මේ සටනද කෙසේ හෝ ජයග්‍රහණය කරවන බවට ජනතාවට විශ්වාසය. ඒ විශ්වාසය තුල විපක්ෂයට දේශපාලනය කල නොහැකි බැවින් විපක්ෂය මේ ගහන්නේ එම විශ්වාසය බිඳ දමා ජනතා මතය වෙන අතකට හැරවීමටය.

විපක්ෂ දේශපාලකයින් හා ඔවුන්ගේ හෙන්චයියන්ගේ අතේ රෝල් හැමදාම ජනතාව ඉදිරියේ පුස්සක් වනවා සේම මේ බොරුවද ඒ අකාරයෙන්ම පුස්සක් වී අවසන්ය මේ සම්බන්ධව පලකල පුවතේ චායරුපයේ සිටින මේජර් ජනරාල් චාගි ගාල්ලගේ නිසි පිළිතුරක් සිය ෆේස්බුක් පිටුවේ පලකොට ඇත ඒ මෙසේය…

ඔහු පවසන ආකාරයට අනුන්ගේ මගුලකට හමුදාපති සහ ඔහුගේ චයරුප දමා ඇත්තේ ගවයින් බවට ඔහු පවසා ඇත. එමෙන්ම මේ සම්බන්ධව අදහස් දක්වමින් ශවේන්ද්‍ර සිල්වා අමුදාපතිවරයා පවසන්නේ බල්ලන් බලු වැඩ කලද තමන් ඒ තත්වයට වැටී බල්ලන් සපා කෑමට නොයන බවයි. ඒ සම්බන්දව වීඩියෝව පහතින්…

කරුණු කරනා මේ මෙසේ හෙළිවෙද්දී අපට කියන්නට ඇත්තේ බංකොලොත් විපක්ෂය අසත්‍ය මත පදනම්ව සිදු කරන මාධ්‍ය මෙහෙයුම් සියල්ල ඇස් පනාපිට ඔප්පු වෙමින් පැවතියත් ඔවුන් ඒ අසාර්ථක උත්සාහය නොනවත්වන බවය එයට හේතුවක් ඇත ඒ විපක්ෂය සතුව ඇති එකම අවිය බොරුවම පමණක් බවය. එසේ නැතිව වෙනත් දෑ ඔවුනට සටනට ඇතිනම් මෙතරම් බොරු කියමින් සහ ඒවා අතේ පත්තුවී තිබියදී පවා යලි යලිත් බොරුවම ඉදිරියට දමමින් දේශපාලනය කරන්නේ නැත. 2015දී බොරුවෙන් ලබාගත් ආණ්ඩුව ධුර කාලය අවසන් වන්නටත් කලින් අතහැර යන්නට වුයේ ඒ කී කිසිදු බොරුවක් වසර හතර හමාරක් තිස්සේ ඔප්පු කරගැනීමට නොහැකි වූ නිසා බව ජනතාව හොඳි දනී.

එසේ තිබියදී යලිත් ඔවුන් කියන මේ බොරු විශ්වාස කරන්නට රටේ ජනතාව සුදානම් නැත නමුත් බොරුවම සිය දේශපාලනය කරගත් දේශපාලුවන් හා ඔවුන්ගේ ආතක් පාතක් නැති හෙන්චයියන් බොරුවම හැර වෙන මොනවානම් කියන්නද?

අදාළ පුවත අසත්‍ය බවට සහ එම පුවත පලකල සමාජ ජාල පිටු සම්බන්ධව හෙළි කරමින් පළවූ සත්‍ය අනාවරණ කිහිපයක් පහතින්…

https://www.citizen.lk/FactCheckView.php?fcid=37

 1,535 total views,  46 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply