අලුත් ICU ඇඳන් 50ක් සමඟ සාමාන්‍ය ඇඳන් 5000ක් මේ සතියේදී රෝහල්වලට!

කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මේ සතිය තුළදී නව ICU ඇඳන් 50ක් රෝහල් පද්ධතිය සඳහා එක් කිරීමට මෙන්ම නව සාමාන්‍ය ඇඳන් 5000ක් කොරෝනා  ප්‍රතිකාර වාට්ටු වෙත එක් කිරීමට කටයුතු යොදා ඇතැයි කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවැසීය.

ප්‍රතිකාර සේවා පුළුල් කිරීමේ අරමුණින් ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙලෙස ICU ඇඳන් සහ සාමාන්‍ය ඇඳන් වැඩි කිරීමට කටයුතු යොදා ඇති බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මෙම නව ICU ඇඳන් දිස්ත්‍රික්ක සියල්ලට අවශ්‍ය ධාරිතාව අනුව ලබා දීමට කටයුතු යොදා ඇති බවද හෙතෙම ‘මව්බිම’ට අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේය.

 1,753 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply