කදු මුදුනේ කුණු පාසැල! (VIDEO / PHOTOS)

කාම්බෝජයේ කදු මුදුනක අපුරු පාසලක් තිබෙනවා. මෙම පාසල සාදා තිබෙන්නේ කැලි කසල උපයෝගී කර ගනිමින්. ඒ ප්‍රතිචක්‍රීය කරන ලද ප්ලාස්ටික් බෝතල් සහ ටයර් උපයෝගී කර ගනීමින්. 

පාසැල් ගාස්තු ගෙවීමට නොහැකි ළමුන්ට මෙම පාසැලට එන්න අවස්තාව හිමිව තිබෙනවා.

මෙම පාසලේ සියලු උපකරණ ප්ලාස්ටික් ද්‍රව්‍ය යොදා ගෙන සාදා තිබීම විශේෂත්වයක්.

මේ පාසැලට කියන්නේ කොකනට් ස්කුල් කියල.

මේ අපුරු පාසැල නිර්මාණය කර ඇත්තේ හෝටල් කළමනාකරුවෙකු ලෙස වැඩකළ ඕක් මැන්ඩෙ. ඔහු දිනක් ප්‍රසිද්ධ සංචාරක ස්ථානයකට ගිය අවස්ථාවේදී දකිනව කැලි කසල වලින් හදපු නිර්මාණ සහ මාර්ගවල සිටින ළමුන්. ඒ අනුව ඔහු ක්‍රියාත්මක වෙනවා.

පුරා වසර 04ක් පුරාවට ප්ලාසිටික් ඇතුළු අපද්‍රව්‍ය එකතු කළ ඔහු මේ පාසැල ආරම්භ කරනවා. 

මේ පාසැලේ ළමුන් සෑම සතියකම සිකුරාදා කසල එකතු කිරීමේ යෙදෙනවා. ඒ මගින් ඔවුන්ගේ වියදම් සඳහා අවශ්‍ය මුදල් සපුරා ගනු ලබනවා.

වාර්ෂිකව කාම්බෝජයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් බිලියන 03 කට වඩා එකතු වෙනවා.  එරට පරිසර අමාත්‍යාංශය සඳහන් කරන පරිදි එම ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් කොටසක් ප්‍රතිචක්‍රීය කරන අතර අනෙක් කොටස ගිනි තබා විනාශ කරනු ලබනවා.

මෙවන් පසුබිමක් යටතේ මෙවැනි පාසලක් මගින් සමාජයට පමනක් නොව සමස්ත ලෝකයාටම ලබා දෙන පණිවිඩය වැදගත් නොවේද ?

 399 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply