මේ වන තෙක් කොරෝනා සමාජගත වී නැහැ – ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කියයි

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය මේ වන තෙක් සමාජගත වී නැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහන් කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ දැනට ශ්‍රී ලංකාව සිටින්නේ අවදානම් තුන්වෙනි අදියරේ බවත් සමාජගත වීම සිදුවන්නේ අවදානම් හතරවැනි අදියරේදී බවත්ය.

වසංගත රෝග විද්‍යා අංශය අනුව මෙරටින් දැනට වාර්තා වන්නේ පොකුරු වශයෙන් ආසාදිතයන් නිසා වසංගතය මෙරට තුළ පවතින්නේ තුන්වන අවදානම් මට්ටමේ බව ද ඇය සඳහන් කළාය.

එනිසා දැනට පිලිගැනීම අනුව කොරෝනා වෛරසය මෙරට තුල සමාජගත වී නැතැයිද ඇය පැවසුවාය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඇය මේ බව කියා සිටියාය.

 1,001 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply