නව කොවිඩ් ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට නිවැරදිව මුහුණු ආවරණය පැළදිය යුත්තේ කෙසේද?

2020 වර්ෂයේ මාර්තු මාසයේ සිට ලොව පුරා ව්‍යාප්ත වීම ආරම්භ වූ නව කොරෝනා වෛරසය සමග ලෝකවාසී ජනතාවට තමන්ගේ ජිවිතයේ නැතුවම බැරි දෙයක් බවට මුහුණු ආවරණය පත්වුවා.

මේ වන විට ආහාර ගැනීමේදී සහ නිවසේදී සිටිනවිට හැරෙන්න අනෙක් සෑම තැනකදීම අපට මුහුණු ආවරණය පැළදීමට සිදුව ඇත්තේ මේ වන විට ලොවපුරා වසංගතයක් ලෙස කොරෝනා වෛරසය ව්‍යාප්තවීම සිදුවෙමින් තිබීම හේතුවෙනි.

ඔබ මෙන්ම මාද භාවිතා කරනු ලබන මුහුණු ආවරණය ගැන වැදගත් කරුණු කිහිපයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යේශ්ඨ කතිකාචාර්‍ය ආචාර්‍ය චානි පෙරේරා විසින් සඳහන් කර සිටිනවා.

මේ වන විට අප රට තුල ව්‍යාප්තවෙන සීඝ්‍ර සම්ප්රේෂණයක් සහිත කොවිඩ් ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට ඔබට මෙය බෙහෙවින් උපකාරී වනු ඇති.

මොනවද මේ surgical මාස්ක් කියන්නෙ. කොහොමද ඒවා නියම ප්‍රමිතියට තියෙනවද කියලා හොයගන්න හැටි තමය් මේ ලිපියෙන් කියන්න බලපොරොත්තු වෙන්නේ.

“Face masks” වර්ග තුනක් තියෙනවා. එකක් තමය් N95 respirators. අනික තමය් අපි ගොඩක් දෙනා භාවිතා කරන surgical mask එක. තුන් වන එක තමය් non-medical masks. සාමන්යයෙන් surgical N95 respirators, surgical masks භාවිතා කරන්නෙ වෛද‍යවරුන්, පර්යේශකයින් සහ සෞඛ්‍ය සේවා නිලදාරින්. Corona වෛරස් එක ව්‍යාප්තවීමත් සමග මෙය සාමන්‍ය ජනතාව අතර ප්‍රචලිත උනා. නමුත් අපි කොහොමද අපි භවිතා කරන surgical mask එක නියම ප්‍රමිතියෙන් යුතු එකක්ද කියලා බලගන්නේ.

non-medical masks කියන්නෙ home made or fashion මාස්ක්ස් වලට. මේවා සාමාන්‍යයෙන් රෙදි / රෙදි නොවන (non-woven) ස්ථර එකකින් හෝ දෙකකින් සමන්විත වෙනවා. මෙවැනි non medical මාස්ක්ස් කොරොන වැනි වෛරස් පැතිරීම වලක්වන්නේ නැහැ. මේවා වඩා යොග්‍ය වන්නේ දුහුවිලි, පරාග ආදියෙන් ඇති වෙන ආසාත්මිකතා වලක්වා ගැනිමටයි.

නියම surgical mask එකක ස්ථර (layers) තුනක් අඩංගු වෙනවා. එලියෙන්ම තියෙන ස්ථරය ජල ප්‍රතිරොදක ස්ථරයක් (water repellant layer). මැද ස්ථරය මෙල්ට්-බ්ලොව්න් (melt-blown layer). මෙම ස්ථරය තමය් ගොඩක්ම වැදගත් ස්ථරය.මේ ස්ථරය තමය් වෛරස් එක එලියට හෝ ඇතුලට ඒම වලක්වන්නේ. ඇතුලතින්ම තියෙන ස්ථරය වතුර උරා ගන්නා ස්ථරයක්. එමගින් වතුර, දහඩිය, සහ කෙල බිඳිති උරා ගන්නේ. ඔබ භවිතා කරන මස්ක් එක අතුල් පැත්ත ස්ථරයට වතුර බිඳුවක් දැම්මොත් එය උරා ගත යුතුය්.. මෙම නියම ස්ථර තුනේ surgical mask එක (3 plyer surgical mask) N95 mask එක තරම්ම වෛරස් ප්‍රතිරොදී.

දන් බලමු කොහොමද surgical mask එකක් නියම ප්‍රමිතියෙන් යුක්තද කියල බලන්නෙ කොහොමද කියලා.

පලමු ක්‍රමය: මුලින්ම ඔබ භවිතා කරන surgical mask එක දෙපත්තෙන් හා උඩින් කපා එහි ඇති ස්ථර තුන එලියට ගන්න. නියම මස්ක් එකක මැද ස්ථරය (melt-blwn layer) ගින්දරට අල්ලුවොත් එය ගිනිගන්නෙ නෑ පොලිතීන් එකක් වගේ උනු වෙවී යනවා. එහෙමත් නැත්ත්නම් mask එක (ස්ථර වෙන් නොකර ගින්දරට අල්ලුවම mask එක ගිනිගන්නෙ නෑ. (mask doesn’t catch fire).

දෙවන ක්‍රමය: මෙය ඉතා සරල ක්‍රමයක්. මාස්ක් එක මුහුනට දමන ආකරයට අතට ගෙන එයට වතුර පිරෙව්වොත් වතුර මස්ක් එකෙන් එලියට කාන්දු වෙන්නේ නැහැ.

තෙවන ක්‍රමය: මාස්ක් එක පලඳා දැල්වු ඉටිපන්දමක් / ගිනි කූරක් නිවන්න උත්සාහ කරන්න. එය ඉතා පහසුවෙන් කල හැකිනම් ඔබ පලදින මස්ක් එක බාල ප්‍රමිතියකින් යුතු මාස්ක් එකක්.

N95 මාස්ක් එකක් කියන්නෙ “NIOSH-approved N95 respirator” සහතිකය සහිතය යන්නයි. නියම ප්‍රමිතියෙන් යුතු N95 මාස්ක් එකක 95% වෛරස් (හෝ මෛක්‍රොමීටර තුනට අඩු aerosol test particles) filter කිරීමේ හැකියාවක් තියෙනවා කියලා “U.S. National Institute of Occupational Safety and Health (NIOSH)” මගින් සහතික කර තිබෙනවා.

KN 95, FFP2, KF94 කියන්නෙත් N95 තරම්ම වෛරස් ෆිල්ටෙර් කිරීමේ හැකියවක් තියෙනව බවට සහතිකය තියෙන මාස්ක් වර්ග කිහිපයක්. නමුත් මෙම සහතිකය දෙන්නෙ වෙනත් රටවල් වලින්. සාමන්‍ය කිවිසුම් යාමකදී ඉවතට විසිවන කෙල බිඳිති මෛක්‍රොමීටර 0.125 – 10 අතර අගයක් ගන්නවා. නියම N95 මාස්ක් එකක් මගින් මෙවැනි බිඳිති පෙරීමේ හැකියාව 95%-99% අතර අගයක් ගන්නවා.

අවාසනාවකට දන් වෙලඳ පොලේ තිබෙන ගොඩාක් N95, KN95 මාස්ක්ස් ව්‍යාජ සහතික තියෙන මාස්ක්ස්.

මෙම නිසා මගේ උපදෙස වන්නේ අඩුම වශයෙන් මාස්ක්ස් දෙකක් පලඳින ලෙසටය්. surgical මාස්ක් එකක් යටින් දමා එයට උඩින් N95 මාස්ක් එකක් පැලදීමෙන් වඩාත් ආරක්ශාව තහවුරු කරගත හැක.

තවද ඔබ මාස්ක් එක පැලදින විට කම්මුල දෙපත්තෙන් හිදෙසක් නොතිබෙන විදිහට නිවරදිව මාස්ක් එකක් භාවිත කරන්න. මාස්ක් එක පැලදීමෙදී සහ ගලවා ඉවත් කිරීමෙදී අත් සබන් යොදා සොදන්න. මාස්ක් දෙකක් පලදා එයට උඩින් මුහුනු ආවරනයක් භාවිතය (face shield) මගින් ඇස තුලින් වෛරසය ශරීරයට අතුලුවීමෙ සම්භාවිතාවයඅඩු කරගත හැක.

 1,173 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2

Leave a Reply