කිරුළ අහිමි වීම ගැන ජූරිට වඩා මට දුකයි – හැමදේම හොයලා බැලුවෙ මම – චන්දිමාල් දැන් කියන කතාව

විවාහක රූ රැජින අවසන් තරඟයේදී තමා එවැනි දෙයක් බලාපොරොත්තු නොවූ බවත් තම ඒ පිළිබඳව කතා කිරීමට අකමැති බවත් දැන් කතා කර කතා කර  අප්‍රිය වී ඇති බවත් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ වෙබ් අඩවියකට අදහස් දක්වමිනි.

එය කෙසේ සිදු වූවත් කාගේ සැලසුමකට ද යන්න තමා නොදන්නා බවත් තමාගේ යුතුකම තමා ඉටු කල බවද සඳහන් කළේය.

කැරොලයින් ජුරිට වඩා තමන්ට කිරුල අහිමි වීම සම්බන්ධයෙන් දුකක් පවතින බවත් තමා අවුරුදු 2ක් පුරාවට මහන්සි වී අඩුපාඩු සොයා කටයුතු කල බවද ඔහු සඳහන් කරයි.

ඇය ජයග්‍රාහිකාව වුවද ඇයගේ පිටුපසින් සිට සියලුම දේ සිදු කලේ තමන් බවද චන්දිමාල් මහතා පැවසිය.

කැරොලයින් ජුරි මෙම තීරණය තනිවම ගත් බවත් ඇය ඒ අවස්ථාවේදී ලංකාව ගැන නොසිතූ බවත් සඳහන් කරන චන්දිමාල් මහතා ඇයට රටට වඩා ඇයගේ දේවල් ලොකු වූ බවද වැඩිදුරටත් සඳහන් කළේය.

 898 total views,  20 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply