බදියුදීන් අත්අඩංගුවට ගැනීම අසාධාරණයි – රාජිත කියන කතාව

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් ආකාරය සාධාරණ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඊයේ (30) පැවසීය.

හෙතෙම මේ බව පැවසුවේ රිෂාඩ් බදියුදීන් මහතා නිදහස් කරන්නැයි බල කරමින් කොළඹ දවටගහ පල්ලිය අසලදී ඊයේ (30) පැවති උද්ඝෝෂණයට එක් වෙමිනි.

එම අත්අඩංගුවට ගැනීම රිෂාඩ් බදියුදීන් මහතාගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයේ සිටින, මුස්ලිම් ජනතා නායකයෙක් වන බදියුදීන් මහතාගේ අත්අඩංගුවට ගැනීම මඟින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සැක සංකා මතු කරන බවත් හෙතෙම කීවේය.

 724 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply