කොරෝනා ජයගන්න ඔබේ නායකත්වයට ශක්තිය ඇත – ජනපතිගෙන් ඉන්දීය අගමැතිට හදිස්සියේම පණිවිඩයක්

ඉන්දියාව මුහුණදී සිටින කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සංවේගය පළකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පුවත්පත් නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව ප්‍රකාශ කරන්නේ.

අතීතයේ සිටම මෙවන් වසංගත ජය ගැනීමට ගන්නා ලද මනුෂ්‍යත්වයේ සාමූහික ප්‍රයත්නය සාර්ථක වී ඇති බව ජනාධිපතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත යැවූ ලිපියේ සදහන්. මනා කැපවීමක් සහිත විද්වතුන් සහ වෘත්තීයවේදීන්ගේ සහායෙන් නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ නායකත්වය යටතේ මෙම අර්බුදයට සාර්ථකව මුහුණ දෙනු ඇතැයි යන්න ජනාධිපතිතුමාගේ විශ්වාසයයි.

ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය ඉන්දීය ජනතාව වෙනුවෙන් රතන සූත්‍රය දේශනා කිරීමට සූදානම් වන බවද ජනාධිපතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත දන්වා තිබෙනවා. ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් ඉන්දියාව කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමා ඉන්දියාවට හෘදයාංගම කෘතවේදීත්වය මෙමගින් පළකර තිබෙනවා.

 521 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply