පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සැසිය ආරම්භ කරමින් රාජාසන කතාව හරහා ඉදිරි වසර 5 තුල රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඉතා සරල ලෙස සංවිධානය කර තිබු එදින පාර්ලිමේන්තු සැසිය ආරම්භ කිරීමේ උත්සවයට ජනාධිපතිවරයා පැමිණියේ රථ පෙළපාලි හෝ අශ්වාරෝහකයින් නොමැතිව තනි නිල රථයක වන අතර එයට බොහෝ දෙනාගේ ගෞරවය හිමි වුවා.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක්ද පැවති අතර අවසානයේ චන්ද විමසීමකින් තොරව අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ සභා සම්මත වීමද සිදු වුවා.

අදාළ විවාදයේදී හරීන් ප්‍රනාන්දු මහතා කල ප්‍රකාශයකට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හරීන් ප්‍රනාන්දු මහතාට උපහාසාත්මක විවේචනයක් එල්ල කලේ මේ ආකාරයටයි…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here