කොවිඩ් මරණ ඉහළ යද්දී ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයක්!

කොවිඩ්-19 දෙවන රැල්ල මාරාන්තික ලෙස පැතිර ගිය ද ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණයේ අවසන් අදියර සඳහා ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඡන්ද මධ්‍යස්ථානවල දිගු පෝලිම් පවා දක්නට ඇති බවය. 

මෙලෙස ජනතාව එක් රැස්වීම හේතුවෙන් බටහිර බෙංගාලය කොවිඩ් වසංගතයේ මීළඟ කේන්ද්‍රස්ථානය විය හැකි බවට විශේෂඥයෝ බිය පළ කරති.

දිනක දී වාර්තා වුණු වැඩි ම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස අද (අප්‍රේල් 29) දිනයේ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 379,257ක් වාර්තා වී තිබේ.  

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බටහිර බෙංගාලයේ වාර්තාවී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 17,000කින් ඊයේ (අප්‍රේල් 28) දිනයේ දී වැඩිවී ඇති බවය.

වෛරසය පැතිරයාම සහ අසාදිතයින් වැඩිවීම හමුවේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දිගින් දිගට ම ප්‍රචාරක රැලි පැවැත් වූ බවට විවේචන එල්ල වී ඇතැයි ද  විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මේ අතර ඉන්දියානු රජය පවසන්නේ, මැයි 1 වන දා සිට එරට සියලු ම වැඩිහිටියන් කොව්ඩ්-19 මර්දන එන්නත සඳහා සුදුසුකම් ලබන බවය.

මේ වන විට ඉන්දියාව සෞඛ්‍ය සේවකයින්, කොවිඩ්-19 වසංගතය සමග සටන් කරන ඉදිරි පෙළ කාර්ය මණ්ඩල සහ වයස අවුරුදු 45ට වැඩි, වැඩිහිටියන්ට කොවිඩ් එන්නත ලබා දී තිබේ.

එහෙත් මූලික එන්නත් මාත්‍රාව ලැබී ඇත්තේ එරට ජනගහනයෙන් 10% කටත් වඩා අඩු සංඛ්‍යාවකට බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ, ඉන්දියාව ලොව විශාලතම එන්නත් නිපදවන රටක් වුව ද, මැයි 1 වන දා සිට සුදුසුකම් ලබන, දළ වශයෙන් මිලියන 600ක ජනතාව සඳහා ලබා දීමට එන්නත් තොග තවමත් එරට සතුව නොමැති බවය.

 379 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply