දේවතා වරමින් නිදන් ගන්න ගිය හිමිනම ඇතුළු සිවුදෙනා රිමාන්ඩ්!

තිරප්පනය, උට්ටිමඩුවේ පිහිටි ගල්තලාවක ඇති නිධානයක් ගොඩ ගැනීමට පොලිසියටත් සහාය වන ලෙස අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ අයුතු ඉල්ලීමක් කළ දේවතාවුන් සමග ගනුදෙනු කරන යැයි කියන හිමිනමක ඇතුළු සිවු දෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන මැයි වන 5 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා නියෝග කළේ ය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ සූරියආර තණමල්විල පිහිටි විහාරස්ථානයක වැඩවසන හිමි නමක් ඇතුළු සූරියආර පුද්ගලයින් දෙදෙනෙකි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ තිරප්පනය පොලිසියේ නඩු මෙහෙයුම් අංශය කියා සිටියේ, පොලිස් හදිසි ඇමතුම් අංශයට හා තිරප්පනය පොලිසියේ ස්ථානාධිපතිවරයාට පෞද්ගලික ඔත්තුකරුවෙකු ලබාදුන් තොරතුරකට අනුව ගල්කුලම බරවාහන පුහුණු ආයතනය ඉදිරිපිටදී හා ගල්කුලම, උට්ටිමඩුවේ පිහිටි ගල්තලාවක් මතදී සැකකරුවන් සිවුදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බවයි.

අදාළ මෝටර් රථය පරීක්‍ෂා කිරීමේදී ගල්විදින ඩ්‍රිල් එකක්, ඊට යොදන යකඩ කටු හතරක්, පූජාවට ගෙනා බවට සැක කරන ගම් බිත්තරයක්, ගල්තලාවේ කිරි උතුරුවා පහන් දැල්වීමට භාවිත කළ කුඩා මුට්ටියක්, පහනක්, ත්‍රිරෝද රථයක් හා සුඛෝපභෝගී මෝටර් රථයක් නඩු භාණ්ඩ වශයෙන් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව පොලිසිය අධිකරණයට දැන්වීය.

සැකකරුවන් තිදෙනා විසින් අදාළ ස්ථානයේ කැණීමක් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ශුද්ධ පවිත්‍ර කර තිබූ බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනා පුරාවිද්‍යා පනතේ 6 (1) වගන්තිය යටතේ නිදන් සෙවීමේ චේතනාව හා නිදන් සෙවීමට තැත් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වූවේ ය.

සැකකරුවන් නිදන් සෙවීමට උත්සාහ කළ ස්ථානය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස තහවුරු කර ගැනීමට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාගෙන් වාර්තාවක් කැඳවන ලෙස විනිසුරුවරයා එහිදී පොලිසියට නියෝග කළේ ය.

 301 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply