මුඛ ආවරණයක් නොමැතිව මහමග ගමන් ගත් පුද්ගලයෙකුට අධිකරණය දුන් දඬුවම!

මුඛ ආවරණයක් නොමැතිව රාජගිරිය ප්‍රදේශයේ සිට කුරුඳුවත්ත ප්‍රදේශය වෙත පැමිණි පුද්ගලයෙකු මැයි 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (අප්‍රේල් 29) නියෝග කළේය. 

රාජගිරිය ප්‍රදේශයේ පදිංචි කේ. කේ. පෙරේරා යන සැකකරු මෙලෙස මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. 

සැකකරුගේ මානසික වාර්තා කැඳවීමට ද මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර සිටියේ ය. 

මුඛ ආවරණය නොමැතිව කුරුඳුවත්ත ප්‍රදේශය වෙත පැමිණි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

 999 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply