පෙර දැනුම් දීමක් නෑ – අවශ්‍ය වූ වහාම ලොක්ඩවුන් කරන්න සූදානම්

ඉදිරි දිනවල කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශයන් පළමු අවස්ථාවේදීම හුදකලා කිරීමට ලක් කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ පිළිබඳව පෙර දැනුම් දීමක් කිසිම අවස්ථාවක සිදු කරන්නට ඉඩ නොලැබෙනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

යම්කිසි ප්‍රදේශයක් හුදකලා කිරීමට අවශ්‍ය වුවහොත් පළමු මොහොතේම එය සිදුකරන බවද ඔහු පැවසීය.

නමුත් රට පූර්ණ ලෙස වශයෙන් වසා දැමීමේ කිසිදු සූදානමක් මේ මොහොතේ නැති බව ද පැවසූ ඔහු ඉදිරි දින කිහිපයේදී ආසාදිතයන් තවදුරටත් ඉහළ යා හැකි ද කියා සිටියේය.

දෙරණ රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමින් හමුදාපතිවරයා මේ අදහස් පළ කළේය.

 401 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply