නිරෝධායන රීති කඩ කළොත් මාස 6ක් හිරේ..!

පසුගිය පැය 24 ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයන් 145 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එයින් වැඩි ම පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල, ත්‍රිකුණාමලය සහ කළුතර යන ප්‍රදේශවලින් ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන මෙහෙයුම්වලින් පුද්ගලයින් 3,900ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවය.

පවතින නිරෝධායන රීති කඩ කිරීමට අදාළව යම් පුද්ගලයෙකුට එරෙහිව නඩු පැවරීමක් සිදුව අධිකරණයක දී වැරදිකරුවෙකු වුවහොත් අදාළ තැනැත්තාට රු.10,000ක දඩ මුදලක් සහ මාස 6ක සිර දඬුවමක් නියම කිරීමේ හැකියාවක් අධිකරණයට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 302 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply