අධිසැර මත්පැන් භාවිතය අවම කිරීමට කාලේ බෝතල් තහනම් කළ යුතුයි!


සැර අධික මත්පැන් භාවිතය අවම කිරීමට අරක්කු කාල බෝතල් තහනම් කළ යුතු යැයි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්‍ෂ මහතා පැවසීය.

සැර අධික මත්පැන් වර්ග භාවිතය අවම කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් නියමයක් වුවත් ලංකාවේ කූට මත්පැන් නිෂ්පාදකයන් සැර වැඩි මත්පැන් පොඩි කුප්පිවලට යොදා (කාලේ බෝතල්) විකුණන බවද ඒ මහතා කියා සිටියේය. කොළඹ පැවැති වැඩමුළුවකට එක්වෙමින් පසුගිය 21 දා වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කීය.

මෙම කාලේ කුප්පිය නිසා සමස්ත මිල පාලන ක‍්‍රමවේදයම අකාර්යක්‍ෂම වෙලා තිබෙනවා. ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට ඇල්කොහොල්වල හානිය උපරිම වීමට බලපාන කාරණා දෙකක් තිබෙනවා. භාවිතා කරන ඇල්කොහොල් වර්ගයේ සැර සහ පාරිභෝජනය කරන ක‍්‍රමවේදය ඒ ක‍්‍රමවේද දෙකයි. සැර අධික මත්පැන් වර්ගයක් එක හුස්මට පානය කිරීම කාලේ බෝතලය නිසා සිදුවෙනවා. මේක සමාජ ගැටලූ රැසකට බලපානවා.

මෙරට අරක්කු නිෂ්පාදකයන් 25 කට ආසන්න පිරිස අතුරින් නියමිත පරිදි රජයට බදු ගෙවන්නේ සමාගම් කිහිපයක් පමණයි. බහුතරයක් කරන්නේ ව්‍යාජ එතනෝල් (සුරාබදු දෙපාර්තමේන්තුවේ ලේඛන ගත නොවූ කෘතිම රා වලින් නිපදවන) පාවිච්චි කර සැර වැඩි අරක්කු කාලේ බෝතල් නිපදවීමයි. ඒ තුළින් රටට බදු වංචාවකුත් සිදුවෙනවා. ඒ නිසා කාලේ බෝතල් තහනම් කළ යුතුයි.

චමින්ද සිල්වා

 1,253 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply