“කොරෝනා රෝගීන්ට ඔක්සිජන්වල කිසිදු හිඟයක් නැහැ” පලවන ප්‍රචාර අසත්‍ය බව සෞඛ්‍ය බලධාරීන් කියයි!

කොරෝනා රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන්වල කිසිදු හිඟයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඔහු සඳහන් කළේ, කළුබෝවිල රෝහලේ ද ඔක්සිජන්වල කිසිදු හිඟයක් නොමැති බවය.

මේ වනවිට මෙරට තුළ මෙඩිකල් ඔක්සිජන් ලබාදෙන කර්මාන්ත ශාලාවලින් ඔක්සිජන් ලබා දීමේ කිසිදු අඩුවක් සිදුව නොමැති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මේ අතර ඔක්සිජන් හිඟයක් සම්බන්ධයෙන් පැතිරයන කටකතා සියල්ල අසත්‍ය බවත් යම් සංවිධානාත්මක කණ්ඩායමක් එම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් වසංගතය මධ්‍යයේ දේශපාලන වාසි ලබන්නට රජය හා සෞඛ්‍ය අංශ අපහසුතාවයට පත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාද සඳහන් කල අතර ඔහු පවසා සිටියේ මෙරටට අවශ්‍ය ඔක්සිජන් දේශීය සමාගම් වලින් නිෂ්පාදනය කරන අතර අවශ්‍යතාවය මෙන් තුන් ගුණයක පමණ නිෂ්පාදනයක් මේ වනවිට සිදු කරන බවයි.

කොරෝනා පාලනය සම්බන්ධ කාර්ය සාධන බලකායේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාද පැවසුවේ ඔක්සිජන් හිඟයක් සම්බන්ධව පලවන ප්‍රචාර අසත්‍ය හා කිසිදු පදනමකින් තොර බවයි.

 636 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply