කැරොලයින්ට ජාත්‍යන්තර ටයිම් සඟරාවේ ඉඩක් – එහි ඉඩක් හිමි වූ පළමු ලෝක රූ රැජිණ මෙන්ම ශ්‍රී ලාංකිකයාද ඇයයි

ජාත්‍යන්තර ටයිම් සඟරාවේ හිටපු ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි සම්බන්ධයෙන් පුවතක් වාර්තා කර තිබේ.

මෙලෙස පුවතක් වාර්තා කර ඇත්තේ 2021 අප්‍රේල් 26 දින නිකුත් කළ කලාපයේය.

එහිදී ‘For the Record’ විශේෂාංගය යටතේ ඇය සම්බන්ධයෙන් මෙම පුවත වාර්තා කර ඇති බව සඳහන් වේ. මෙලෙස ටයිම් සඟරාවේ ඉඩක් ලද ප්‍රථම ශ්‍රී ලාංකීකයා ඇය ජූරි වීමත් විශේෂත්වයකි.

එමෙන්ම අදාළ සඟරාවේ ඉඩක් වෙන් වූ පළමු ලෝක රූ රැජින ඇය බව ද වාර්තා වේ. පසුගියදා කොළඹ නෙළුම් පොකුණ රඟහගේ පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේදී කැරොලයින් ජූරි කටයුතු කළ ආකාරය හේතුවෙන් ඇය සමාජය තුළ විශාල කතා බහක් නිර්මාණය කිරීමට සමත් විය.

අදාළ තරගාවලියේදී ජයග්‍රහණය කළ පුෂ්පිකා ද සිල්වා දික්කසාද බව පවසමින්, එම කිරුළ දෙවන ස්ථානය දිනාගත් තරගකාරීයට ලබාදීමට ඇය කටයුතු කළාය.

 4,111 total views,  5 views today

What’s your Reaction?
+1
1
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
0

Leave a Reply