ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 879 ක් වටිනා සංචාරක ව්‍යාපෘති 54 ක විදෙස් ආයෝජන එයි – ඇමති ප්‍රසන්න

කොරෝනා වසංගත තත්ත්වයේ බලපෑම් හමුවේ වුවද 2020 වසරේදී ඇමරිකන් ඩොලර් මිලියන 879.94 ක වටිනාකමක් සහිත නව සංචාරක ආයෝජන ව්‍යාපෘති 54 ක් සඳහා විදේශ ආයෝජන ඉදිරිපත් වී ඇතැයි ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා ඊයේ (26 දා)  පැවසීය.

ඉන් ඇමරිකන් ඩොලර් මිලියන 188.4 ක වටිනාකමින් යුතු ව්‍යාපෘති 29 ක් සඳහා මේ වන විට අවසන් අනුමැතිය ලැබී ඇති බවත් ඉතිරි ආයෝජන සඳහා අනුමැතිය කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා පවසයි.

ඉකුත් වසර 10 තුළ මෙරට සංචාරක ක්‍ෂේත‍්‍රය සම්බන්ධයෙන් ව්‍යාපෘති 854 ක් ක‍්‍රියාත්මක කර තිබෙන බවත් ඉන් ඩොලර් මිලියන 7026 ක ආදායමක් ලබාගෙන ඇති බවත් ඒ මහතා අවධාරණය කර සිටී.

 490 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply