මෛත්‍රී ‘පොහොට්ටුව’ අතහරී – මෙතැන් සිට ශ්‍රීලනිපය ‘අතෙන්’ විතරයි!

මින් ඉදිරියට තරග වදින සියලු මැතිවරණ පක්ෂයේ ආරම්භක සලකුණ වූ ‘අත’ ලකුණ යටතේ තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත.

එමෙන්ම මින් ඉදිරියට වෙනත් දේශපාලන පක්ෂයක් යටතේ සන්ධානගත නොවීමටත්, අත ලකුණ යටතේ පමණක් දේශපාලන සන්ධාන ගොඩනැගීමටත් ශ්‍රීලනිපය තීන්දු කර ඇති බවද දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙන්නේ ඉදිරි පළාත් සභා මැතිවරණයද ශ්‍රීලනිපය තනිව තරග වදින බවත්, දැනටමත් ඒ සදහා ඉල්ලුම්පත් 3000කට අධික ප්‍රමාණයක් පක්ෂය වෙත ඉදිරිපත්ව ඇති බවත්ය.

 1,265 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
2

Leave a Reply