සම්පායෝගේ කෙරුවාව උසාවියේදී හෙළිවෙයි – සිරමැදිරි ලක්ෂ 2 ගාණේ පාතාලයන්ට විකුණලා!

මීගමුව බන්ධනාගාරයේ වැඩ තහනම් කරන ලද අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා විසින් ඇතැම් සිරකරුවන්ට ලක්ෂ 2ක මුදලකට සිරමැදිරි විකුණා ඇති බව අනාවරණය වී තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව ඉකුත් සතියේ අධිකරණය හමුවේ පවසා තිබුණේ රුපියල් 10,000 සිට 200,000 දක්වා මුදලක් සඳහා සුඛෝපභෝගී සිරමැදිරි පාතාලයන් හට සහ මත්කුඩු ජාවාරම්කරුවන්ට විකුණා ඇති බවකි.

මෙම නඩුව මීගමු මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසුරිය මහත්මිය ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේ සමහර සිරමැදිරි හෝටල් කාමරවලට සමාන බවත්, අධිකාරීවරයා විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් සහ වෙනත් රැඳවියන්ගෙන් මුදල් ලබාගෙන මෙම සිරකුටි ලබා දී ඇති බවත්ය.

මෙම සිරකුටිවල රාජපකාරී කළ අනෙකුත් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් විසින් සපයන ලද තොරතුරු මත පදනම්ව මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

 363 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply