කොරෝනා ව්‍යාප්තිය සීඝ්‍ර වෙයි – දිස්ත්‍රික් තුනක් අධි අවධානම් !

කොරෝනා ව්‍යාප්තිය හමුවේ කොළඹ ගම්පහ කුරුණෑගල දිස්ත්‍රික්ක අධි අවධානම් දිස්ත්‍රික්ක බවට පත්ව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එම දිස්ත්‍රික්ක වලින් දිනපතා වාර්තා වන හා ආසාදිත ප්‍රමාණය වේගයෙන් ඉහළි යමින් ඇතැයි සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේය.

එම දිස්ත්‍රික්ක මෙන්ම ලංකාවේ වෙනත් බොහෝ ප්‍රදේශවල කොරෝනා පොකුරු මතුවෙමින් ආසාදිතයන් වර්ධනයක් පෙන්නුම් කරන බවත් ශ්‍රී ලංකාවේ තත්ත්වය මේ මොහොතේ ඉතාම අවදානම් බවත් ඒ මහතා කියා සිටී.

එනිසා මෙම සති අන්තයේ ඉතාම වගකීමෙන් කටයුතු කරන්න යි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

සති අන්තයේ යම් තරමක් හෝ සංචරණ සීමා පැනවීමක් සිදු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වුවද මේ වන තුරු එවැන්නක් පෙනෙන්නට නැතැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.

 879 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply