ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන්ට ඇති ප්‍රධානතම අභියෝගය ක්‍රීඩා සංගම් සහ ක්‍රීඩකයන් සමගින් එක්ව මෙරට ක්‍රීඩාවේ වැරදුණු තැන් සොයා ගැනීම බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ හම්බන්තොටදී පැවති උත්සවයකින් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

“ලොකු ප්‍රශ්නයක් මට පෞද්ගලිකව තියනවා. මොකද අපේ රටේ වොලිබෝල් ක්‍රීඩාවට තරම් තරඟාවලි වෙන ක්‍රීඩාවකට නෑ. හැබැයි ලෝක ශ්‍රේණිගතකිරීම් වලින් අපි ඉන්නේ ඉතාමත් පහළ තත්වයක. හේතුව ක්‍රීඩකයෝ නැතිකමවත් , ක්‍රීඩා තරඟ නැතිකමවත් , පහසුකම් නැතිකමවත් නෙවෙයි.

පටලවගන ඉන්නවනේ පරිපාලකයෝ කියන එකයි ක්‍රීඩකයෝ කියන එකයි . සමහර වෙලාවට ක්‍රීඩකයෝ යනවා පරිපාලන කටයුතු කරන්න. එහෙම නෙවෙයි පරිපාලකයෝ කියන්නේ වෙනම කණ්ඩාමක්. වොලිබෝල් කණ්ඩායම් 8000 කියන්නේ එසේ මෙසේ සංක්‍යාවක් නෙවෙයි.

පළමු පෙළ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම් තියනවා 24ක්. නිවැරදි කිරීම් යටත්ව. ලෝකයේ වැඩියෙන්ම පළමු පෙළ කණ්ඩායම් තියෙන්නේ ලංකාවේ. එත් ඉතින් අපට තත්ත්වය හිතාගන්න පුළුවන්. විශාලම අභියෝගය මේ සංගම් එක්ක එකතු වෙලා , ක්‍රීඩකයෝ එකතුවෙලා වැරදිච්ච තැන් හොයන්න ඕනේ. ඊට පස්සේ අපට පුළුවන් ක්‍රීඩාව දියුණු කරන්න.

කෙතරම් දක්ෂ ක්‍රීඩකයෙක් වුනත් , පරිපාලකයෙක් වුනත් , පුහුණුකරුවෙක් වුනත් , විනිසුරුවෙක් වුනත් තමන්ගේ විනය ආරක්ෂා කරේ නැත්නම් අපට දැඩි තීන්දු ගන්න වෙනවා. විනයක් ඇතුව කටයුතු කරන්න. ඇමතිවරයා විදිහට මට ඒවට මැදිහත්වෙන්න අවශ්‍යතාවක් නෑ එතකොට”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here