කොවිඩ් නව ප්‍රභේදය දරුණු විදිහට ව්‍යාප්ත වෙයි – රටටම අනතුරු අඟවයි

රට තුළ මේ වන විට නව කොවිඩ් ප්‍රභේදයක් ඇතුළු වී ඇතැයි මහාචාර්ය නීලිකා මලවගේ මහත්මිය පවසයි.

එම මහත්මිය මේ බව පැවසුවේ මේ වන විට පැවැත්වෙන කොවිඩ්-19 පාලනය පිළිබද විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එම නව කොවිඩ් ප්‍රභේදය පැවැති ප්‍රභේදයන්ට සාපේක්ෂව දරුණු ආකාරයෙන් පැතිරෙමින් යන බව මහාචාර්ය නීලිකා මලවගේ මහත්මිය පැවසීය.

මෙම අවස්ථාවේධී එක් අයෙකුගෙන් පස් හය දෙනෙකුට මෙම වෛරසය බෝවන බවත් තරුණ අයට බෝවීමද වැඩි බවත් ඇය සදහන් කරයි.

කලින් ප්‍රභේදවලදී රෝග ලක්ෂණ නොපෙන්වුවත් නව ප්‍රභේදයෙන්දී රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවද නීලිකා මලවගේ මහත්මිය වැඩිදුරටත් පැවසීය.

මේ අතර වෛරසය බෝවන ආකාරය පිළිබදව එතුම පැහැදිලි කළේ මේ ආකාරයෙනි…

“හැමෝම දන්නවා සමාජ දුරස්ථභාවය සහ මාස්ක් එකක් දැමීමේ වැදගත් කම. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ වෙනත් සංවිධාන වලින් ඔප්පු කරලා තියෙනවා වාතයෙනුත් වෛරසය බෝ වෙනවා කියලා. වාතයෙන් බෝවීම පැහැදිලි වන්නේ මේ ආකාරයට.

යම්කිසි ආසාදිතයෙක් මාසක් එක ගලවලා කතා කළොත් එහෙම එය වාතයේ පැය එකහමාරක කාලයක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට තමන් ආසාදිතයෙකු නම් මාස්ක් එක ගලවලා කතාකරලා එම ස්ථානයෙන් පිටව ගියාට පස්සේ එතනට වෙන කවුරුන් හෝ ඇවිත් මාස්ක් එක ගලවලා ටික වේලාවක් හිටියොත් එහෙම වෛරසයය ඒ පුද්ගලයා ආශ්වාස කරනවා. එතකොට එම පුද්ගලයාට වෛරසය ආසාදනය වෙන්න පුළුවන්.”

 769 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply