මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සදහා නීතිපති අනුමැතිය ලැබී ඇති බවට වූ වාර්තාවක්, මීට සති කිහිපයකට ඉහත දී සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වත්මන් නීතිපතිවරයා පවසා තිබුණේ, අදාල ප්‍රවෘත්තිය සත්‍යයෙන් තොර බවයි.

කෙසේ වෙතත්, එම්.සී.සී. ශ්‍රී ලංකා කාර්යාලය උපුටා දක්වමින්, ඉරිදා මෝනිං පුවත්පත මේ සම්බන්ධයෙන් අද දිනයේ ප්‍රවෘත්තියක් පළ කර තිබේ. එම ප්‍රවෘත්තියට අනුව, එවකට නීතිපතිවරයාව සිටි ජයන්ත ජයසූරිය මහතා, 2018 වසරේ දී එම්.සී.සී ගිවිසුම ක්‍රියාත්මක කිරීමසම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා තිබේ.

එවකට නීතිපතිවරයාගේ ස්ථාවරය එම්.සී.සී ප්‍රධාන කාර්යාලයට ලැබී ඇති අතර, ඒ අනුව, එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් නීතිපති ජයන්ත ජයසූරිය මහතා පක්ෂව පෙනී සිට ඇත.

කෙසේ වෙතත්, වත්මන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා මේ දක්වා එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් අදහස් පළ කර නැත. එම්.සී.සී. සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය පැහැදිලි කිරීමට පෙර, ගිවිසුම සම්බන්ධයෙන් ආයතන කිහිපයක නිරීක්ෂණ ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

කෙසේ වෙතත්, වත්මන් නීතිපතිවරයා එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් සෘණාත්මක අදහසක සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here