දිගාමඩුල්ලට ජීවය දුන් හිඟුරාන සීනි යෝධයා ඉදිරියෙන් ඉදිරියට!

සීනි අපිට නැතුවම බැරි දෙයක් වෙලයි තියෙන්නේ. ලංකාවට සීනි වැඩියෙන් ගෙන්නන්නේ තාමත් පිටරටින්. ඒකට විශාල වශයෙන් මුදල් වැය වන නිසා ආර්ථිකයට මහා බරක් වෙලා තිබෙන්නේ. ඒ නිසා පිටින් ගේන සීනි ප‍්‍රමාණය අඩු කර ලංකාවේ සීනි නිෂ්පාදනය වැඩි කරන්න රජයේ අවදානය යොමු වෙලා තියෙනවා. 2019 වසරට වඩා 2020 වසරේ ලංකාවේ සමස්ත සිනී නිෂ්පාදනය 16% කින් ඉහළ ගොස් තිබෙනවා.

එයට හේතු වෙලා තියෙන්නේ ගල්ඔය වැවිලි සමාගමේ හෙවත් හි`ගුරාන සීනි සමාගමේ සීනි නිෂ්පාදන 80% කින් ඉහළ ගොස් ඇති නිසයි.

2019 වසරට සාපේක්ෂව 2020 වසරේදී ගල්ඔය වැවිලි සමාගම උක් ඇඹරුම් ප‍්‍රමාණය 37% ඉහළ ගොස් තිබෙනවා.

ගල්ඔය වැවිලි සමාගම 2015 වසරේදී සීනි මෙ. ටො. 13994 නිපදවූ අතර 2020 වන විට සීනි මෙ. ටො. 20790 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2015 වසරේදී හෙක්ටයාර 3082 වගා කර ගල්ඔය වැවිලි සමාගම 2020 වන විට හෙක්ටයාර 5850 දක්වා වැඩි කිරීමට සමත් වෙලා තියෙනවා.

එලෙසම එම සමාගම විසින් 2015දී උක් මෙ.ටො. 1,92,331 ඇඹරූ අතර 2020 වසරෙදී මෙ.ටො. 3,16,000 දක්වා වාර්තාගත ආකාරයෙන් ඉහළ ගොස් තිබෙනවා. 2018 වසරෙ එතනෝල් ලීටර් මිලියන 3.3 නිපදවූ ගල්ඔය වැවිලි සමාගම 2020 වසර වන විට එය ලීටර් මිලියන 5.6 දක්වා විශාල වර්ධනයක් අත්පත් කර ගෙන තිබෙනවා.

රජයේ අනුග‍්‍රහය නිසා සීනි කර්මාන්තය ගොඩ

2020 වසරේ ලංකාවට සීනි මෙ. ටො. 6,58,000 ආනයනය කරන්නට රුපියල් බිලියන 43 වැය වෙලා තිබෙනවා. දේශීය සීනි කර්මාන්තය න`ගාසිටුවීම සඳහා රජයේ අනුග‍්‍රහය දැඩි සේ යොමු වෙලා තිබෙනවා.

රජයේ අනුග‍්‍රහය නොමදව ලැබීම, විදෙස් රටවලින් එතනෝල් ගෙන්වීම නවතා දැමීම වැනි කරුණු නිසා හිඟුරාන සීනි හෙවත් ගල්ඔය වැවිලි සමාගම, සෙවණගල, පැලවත්ත වැනි සීනි සමාගම් දිනෙන් දින දියුණු වෙමින් තිබෙනවා.

මෑතකදී සීනි කර්මාන්තයට එක්වෙමින් සීනි නිෂ්පාදනයට දායක වීමට සැරසෙන අලූත්ම සීනි කම්හල වන ඇතිමලේ සිනී සමාගමත් ලාංකීය සීනි නිෂ්පාදනයට ප‍්‍රබල දායකත්වයක් ලබා දෙන බව විශ්වාසයි.

විදේශ රටවලින් ගෙන්වන ප‍්‍රමිතියෙන් තොර වූ සීනි වෙනුවට ලංකාවේ දේශීය සමාගම් නිෂ්පාදනය කරන පිරිසිදු, ප‍්‍රමිතියට ඇති සීනි ආහාරයට ගැනීමට ලංකාවාසීන්ට වැඩි අවස්ථාවක් ලැබේවි.

 668 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply